This is default featured post 1 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 2 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

This is default featured post 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.This theme is Bloggerized by Lasantha Bandara - Premiumbloggertemplates.com.

Friday, January 13, 2012

මැලේ අච්චාරු


අවශ්‍ය ද්‍රව්‍ය : -

  • රටඉඳි 200g
  • රතුලූනු 150g
  • කැරට් 100g 
  • මාළුමිරිස් 150g 
  • හොඳින් පැසුණු ඇඹ‍රැල්ලා ගෙඩියක් 
  • කුඩා අන්නාසි ගෙඩියක් 
  • අඹරාගත් සුදුළූණු බික් 8 
  • ඉඟුරු කැබැල්ලක් 
  • මිරිස් කුඩු මේස හැඳි 2 
  • විනාකිරි කෝප්ප 1/2 
  • අඹරාගත් අබ මේස හැඳි 1 
  • සීනි මේස හැඳි 4 
  • අවශ්‍ය පමණ ලුණු
සාදන ක්‍රමය :  

රටඉඳි වල ගෙඩි 5-6 ඇට හැර ුඩාවට පන්න. ඉතිරි ටි ඇට හැර අඹරා ගන්න. මෙය මැටි බඳුන දමා එයට විනාිරි ෝප්ප 1/2 වතුර ෝප්ප 1/4 , අඹරාගත් අබ , ඉඟුරු , සුදුළූණු , ලුණු මිරිස් ුඩු , සීනි දමා තරම සෝස් වන ලෙස උණු ගන්න.මෙය ලිපෙන් බාන්න. ඉන්පසු එයට පාගත් ැරට් , මාළුමිරිස් , අන්නාසි අඹ‍රැල්ල , රටඉඳි තු ගන්න. මෙහිදි පාගත් රටඉඳි වෙනුවට වියළි මිදි තු ිරීමට පුළුවනි. මෙය හොඳින් මිශ්‍ර වසා දින පමණ තිබෙන්නට හැර ෑමට ගන්න.

Thursday, January 12, 2012

සේවරි චිකන් රයිස්


අවශ්‍ය ද්‍රව්‍ය : -
  • කුකුල් මස් 1kgක්
  • ලූනු 250g
  • තක්කාලි 250g
  • ඉඟුරු අඟලක කැබැල්ලක්
  • සුදුළූණු බික් 2,3
  • මිරිස් කුඩු තේ හඳි 1/2
  • මාජරින් හෝ තෙල් මේස හැඳි 2
  • තුනපහ කුඩු තේ හැඳි 2
  • කරඳමුන්ගු 2
  • කරාබුනැටි 3
  • කුරුඳුපොතු කැබැල්ලක්
  • රම්පෙ
  • කරප්ංචා
  • රස අනුව ලුණු
සාදන ක්‍රමය :  

තක්කාලි , ළූණු , කුකුල් මස් ලොකුවට කපන්න. බඳුනකට තෙල් දමා ළිප තබා රත් කරන්න. එය රත්වන විට කරපිංචා , රම්පෙ , ඉඟුරු , සුදුළූණු , කුරුඳු පොතු , කරඳමුන්ගු , කරාබුනැටි තෙලට දමා බැදෙන විට හාල් දමා එය බැදෙන්න හැර එයට කුකුල් මස් සහ මිරිස් කුඩු , ලුණු , කහ , තුනපහ කුඩු දමා බත ඉදීමට අවශ්‍ය තරමට වතුර හෝ ස්ටොක් දමා බත පිසින්න. බත සැරසීමට බැදගත් ළූණු , සුල්තානා , කජු , කුඩාවට කපාගත් කොත්තමල්ලි කොළ දමා සරසා ගන්න.

Friday, October 28, 2011

එළවළු සුප්

 

අවශ්‍ය ද්‍රව්‍ය : -

  • කැරට් අල                     2                   
  • ගෝවා කොළ               2
  • බෝංචි කරල්                5                   
  • ලීක්ස් ගස්                     1 
  • අර්තාපල් ලොකු ගෙඩි  1                   
  • රතු ලූණු ගෙඩි              10 
  • රට ලූණු ලොකු ගෙඩි    1                    
  • කරපිංචා ඉති                 1 
  • දෙහි ගෙඩි                    1                     
  • වතුර පීරිසි කෝප්ප     15
 
ගම්මිරිස්, කොත්තමල්ලි, සූදුරු, බාර්ලි, පරිප්පු ටිකක් සමග ලුණු සහ එළවළු තෙල් අවශ්‍ය ප්‍රමාණයට

සාදන ක්‍රමය :


එළවළු හොඳින් සෝදා වතුර බේරෙන්නට හැර හීනියට කපා බඳුනකට දමා වතුර වත්කර ගන්න. සූදුරු , කොත්තමල්ලි, ගම්මිරිස් තලා එයටම දමා ලිප තැබු වතුරෙන් පංගුවක් පමණ හිඳුනාට පසුව එළවළු ටික භාජනයකට දමා පොඩිකර නැවත ලිප ඇති බඳුනටම දමා ස්වල්ප වේලාවකින් ලිපෙන් බා පෙරා ගන්න. වෙන බඳුනක් ලිප තබා අවශ්‍ය ප්‍රමාණයට තෙල් දමා අනෙකුත් ද්‍රව්‍ය දමා සුප් එක තෙම්පරාදු කර අවශ්‍ය ප්‍රමාණයට ලුණු ඇඹුල් දමා ගන්න.



Monday, August 22, 2011

චිකන් ඩෙවල්ඩ්


අවශ්‍ය ද්‍රව්‍ය : -

කුකුල් මස්                                        1kg 
සුදු ලූණු බික්                                     5 
රට ලූණු                                            200g 
මාළු මිරිස් කරල්                               100g 
වියළි මිරිස් කරල්                              10 
එන්සාල්, කරාබු නැටි                         5
රම්ප, කුරුදු පොතු කැබැල්ලක්
විනාකිරි, තක්කාලි සෝස්
අජිනමොටෝ ස්වල්පයක්
ලුණු මාගරින් හෝ එළවළු තෙල්

 සාදන ක්‍රමය :



කුකුළු මස් හම ඉවත් කර කැබලිවලට කපා සෝදා ගන්න. ලුණු හා වතුර ටිකක් භාජනයකට දමා එයට විනාකිරි ස්වල්පයක්ද සෝදන ලද කුකුළු මස් එයට දමා තම්බා වතුර බේරෙන්නට හරින්න. ඉන්පසු භාජනයට අවශ්‍ය පමණින් තෙල් දමා ලිප තබන්න. තෙල් රත්වන විට මස් එයට දමා බැදෙන්නට හරින්න. මස් කැබලි රන්වන් පාටට හරීගෙන එන විට වියළි මිරිස් කැබලි එයට දමා මදක් බැදෙන්නට හැර කුරුදු පොතු එන්සාල් තලා දමන්න. එයට රම්පා කැබැල්ලක්ද එක්කර ඉන්පසු තක්කාලි සෝස් අජිනමොටෝ අවශ්‍ය තරමට එයට මිශ්‍ර කර විනාඩියක් පමණ තිබෙන්නට හැර පෙති කපා ගත් රට ලූනුත් හැඩයට කපා ගත් මාළු මිරිසුත් එයට මිශ්‍ර කර ලුණු ඇඹුල් බලා ලිපෙන් බාගන්න. (කුකුළු මස් නොතම්බා බැද වුවත් සාදා ගත හැකිය.)

Thursday, August 18, 2011

මාළු - මිරිස් හොද්ද


අවශ්‍ය ද්‍රව්‍ය : -

  • සුදු ලූණු බිග්                                      3 
  • ගොරකා කබලි                                  3 
  • මී වැටි හෝ තෝර මාළු                    500g 
  • අඹරා ගත් මිරිස් කුඩු මේස හැදි           1 
  • කොටා ගත් මිරිස් කුඩු මේස හැදි         3  
  • වතුර පිරිසි කෝප්ප                           4
 
සාදන ක්‍රමය :  

මාළු ටික කැබලිවලට කපා ගොරකා යොදා දෙතුන් වරක් සෝදා භාජනයකට දමන්න. ඉන්පසු සුදු ලූණු, කරපින්චා, අමු මිරිස්, දෙහි ඇඹුල් ලුණු අවශ්‍ය තරමට ( මිරිස් ඇඹරීමේදී අබ ගම්මිරිස් සූදුරු ගොරකා ස්වල්පයක්ද යොදන්න ) ඉන්පසු ඉහත අඩන්ගු සියලුම ද්‍රව්‍ය දමා මිරිස් සහ වතුරත් දමා ලිප තබන්න. හොදින් ඉදුණු පසු ලුණු ඇඹුල් බලා බා ගන්න.

Tuesday, August 16, 2011

කිරි බත්


අවශ්‍ය ද්‍රව්‍ය : -

සුදු හෝ රතු කැකුළු හාල්           1kg 
ලොකු පොල්ගෙඩියක පොල් කිරි හා අවශ්‍ය තරමට ලුණු

සාදන ක්‍රමය
 
හාල් හොදින් ගරා සෝදා අවශ්‍ය තරමට වතුර තබා ලිපේ තබන්න. ඉන්පසු බත ඉදීගෙන එන විට කීප වරක් හැදි ගාන්න. වතුර සිදිගෙන එන විට ලිපේ ගින්දර අඩු කරන්න. ඉන්පසු මිරිකා ගත් පොල් කිරට අවශ්‍ය තරමට ලුණු මිශ්‍ර කර බත මැදින් සිදුරක් සාදා එයට ලුණු මිශ්‍ර පොල් කිරි දමා කලවම් කරන්න. කෙසෙල් කොළයක් ගෙන පොල් කිරි ස්වල්පයක් කෙසෙල් කොළයේ තවරා කිරි කිරි බත උණුවෙන්ම කොළයේ අතුරා තමන් කැමති හැඩයකට කෑලි කපා මේසය පිළියෙල කරන්න.

Sunday, August 14, 2011

කහ බත්



අවශ්‍ය ද්‍රව්‍ය : -

  • මුතු සම්බා        1kg                             
  • කරාබු නැටි
  • මාජරින්            250g                            
  • වියළි මිදි 
  • රතුළූණු           100g                            
  • ග්‍රීන් පීස් (තම්බාගත්) 
  • සුදුළූණු                                               
  • කජු මද 
  • රම්පා                                                    
  • කරපින්චා 
  • සේර 
  • කරදමූන්ගු 
  • කහ ස්වල්පයක් සමග ලුණු

සාදන ක්‍රමය :

පළමුව හාල් සෝදා දිය බෙරෙන්නට තබන්න. සාස්පානක් ලිප තබා එයට මාජරින් දමා රත්වු පසු රම්ප, කරපින්චා, සේර, රතුලූනු, සුදුළූණු, කරාබුනැටි, කරදමුන්ගු එක්කර රන්වන් පාටවන තෙක් බැදගන්න. ඉන්පසු හාල් ටික දමා හොදින් කලවම් කර (විනාඩියක් පමණ ) බත ඉදිමට අවශ්‍ය පමණ වතුර ගෙන එයට කහ සහ ලුණු අවශ්‍ය පමණට දමා සාමාන්‍ය බත් පිසින ආකාරයට පිස ගන්න. බත නිව්නු පසු වියළි මිදි, ග්‍රින් පීස්, කජුමද දමා තමන්ට කැමති පරිදි කලවම් කර හෝ බතට උඩින් හෝ සරසා ගන්න.  
                  

Related Posts Plugin for WordPress, Blogger...

Share

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More