අවශ්‍ය ද්‍රව්‍ය : -
- රටඉඳි 200g
- රතුලූනු 150g
- කැරට් 100g
- මාළුමිරිස් 150g
- හොඳින් පැසුණු ඇඹරැල්ලා ගෙඩියක්
- කුඩා අන්නාසි ගෙඩියක්
- අඹරාගත් සුදුළූණු බික් 8
- ඉඟුරු කැබැල්ලක්
- මිරිස් කුඩු මේස හැඳි 2
- විනාකිරි කෝප්ප 1/2
- අඹරාගත් අබ මේස හැඳි 1
- සීනි මේස හැඳි 4
- අවශ්‍ය පමණ ලුණු
රටඉඳි වල ගෙඩි 5-6 ක ඇට හැර කුඩාවට කපන්න. ඉතිරි ටික ඇට හැර අඹරා ගන්න. මෙය මැටි බඳුනකට දමා එයට විනාකිරි කෝප්ප 1/2 ක් වතුර කෝප්ප 1/4 ක්, අඹරාගත් අබ , ඉඟුරු , සුදුළූණු , ලුණු මිරිස් කුඩු , සීනි දමා තරමක් උකු සෝස් එකක් වන ලෙස උණුකර ගන්න.මෙය ලිපෙන් බාන්න. ඉන්පසු එයට කපාගත් කැරට් , මාළුමිරිස් , අන්නාසි අඹරැල්ල , රටඉඳි එකතු කර ගන්න. මෙහිදි කපාගත් රටඉඳි වෙනුවට වියළි මිදි එකතු කිරීමට පුළුවනි. මෙය හොඳින් මිශ්‍රකර වසා දිනක් පමණ තිබෙන්නට හැර කෑමට ගන්න.
0 comments:
Post a Comment