කුකුල් මස් 1kg
සුදු ලූණු බික් 5
රට ලූණු 200g
මාළු මිරිස් කරල් 100g
වියළි මිරිස් කරල් 10
එන්සාල්, කරාබු නැටි 5
රම්ප, කුරුදු පොතු කැබැල්ලක්
විනාකිරි, තක්කාලි සෝස්
අජිනමොටෝ ස්වල්පයක්
ලුණු මාගරින් හෝ එළවළු තෙල්
සාදන ක්‍රමය :
කුකුළු මස් හම ඉවත් කර කැබලිවලට කපා සෝදා ගන්න. ලුණු හා වතුර ටිකක් භාජනයකට දමා එයට විනාකිරි ස්වල්පයක්ද සෝදන ලද කුකුළු මස් ද එයට දමා තම්බා වතුර බේරෙන්නට හරින්න. ඉන්පසු භාජනයට අවශ්‍ය පමණින් තෙල් දමා ලිප තබන්න. තෙල් රත්වන විට මස් එයට දමා බැදෙන්නට හරින්න. මස් කැබලි රන්වන් පාටට හරීගෙන එන විට වියළි මිරිස් කැබලි එයට දමා මදක් බැදෙන්නට හැර කුරුදු පොතු එන්සාල් තලා දමන්න. එයට රම්පා කැබැල්ලක්ද එක්කර ඉන්පසු තක්කාලි සෝස් අජිනමොටෝ අවශ්‍ය තරමට එයට මිශ්‍ර කර විනාඩියක් පමණ තිබෙන්නට හැර පෙති කපා ගත් රට ලූනුත් හැඩයට කපා ගත් මාළු මිරිසුත් එයට මිශ්‍ර කර ලුණු ඇඹුල් බලා ලිපෙන් බාගන්න. (කුකුළු මස් නොතම්බා බැද වුවත් සාදා ගත හැකිය.)
2 comments:
බිම්මල් වලින් ඩෙවල් එකක් සාදන ආකාරය කියලා දෙන්න පුළුවන්ද ?
ගින්දර ඕයි
Post a Comment